Sunday, April 25, 2010

බිඟුලන්තය - කැලය (II) - කුරුළු උයන



ලොකු පොඩි ගස් එකතු වෙල එක කැලයක් තියෙනා
මල් පළතුරු හැම අත්තක පිරිලා තියෙනා
කුරුල්ලන්ට ගී ගයන්න තුරු මුදුනින් සරනා
සුරපුර වන් මෙවන් තැනක් කොහිදැයි සිතෙනා

කුරුළු කැදලි අතු අග එක එක සැදෙනා
ටික දොහකින් ඒවායින් ගී හඬ ඇසෙනා
කුරුළු පැටව් දෙමා පියන් සතුටින් සිටිනා
සොඳුරු දසුන් කාගෙත් මන දොල පිනනා

පුංචි පැටව් බේරා ගන්න කැදැල්ලේ සිටිනා
දෙමාපියන් සෑම විටම අවදිව ඉන්නා
උකුසු රජා මේ කිසිවක් ගනනට නොගෙනා
පුංචි පැටව් එක කටටම ගිලගෙන යන්නා

උකුස්සාට නොපෙනෙන්නට කූඩුව තනනා
කුරුළු මවක් සිතා සිටී අනතුරු නොවෙනා
ගැරඬි ආදී උරගයින්ගේ උෂ්ණය දැනෙනා
අනේ අපිට මොන සරණක් හදවත කියනා


පිංතූරය

6 comments:

  1. මාර වේගයක් නෙව.. කමෙන්ටුවක් දාලා ඉවරවෙනකොට ආය පෝස්ට් එකක්..

    ReplyDelete
  2. මේ අපි ඔය නපුරු උකුස්සාව ඩිලීට් කරමුකෝ....

    ReplyDelete
  3. ඔව් කුරුළු අම්මල පවු....... :( :( :( :(
    ඒත් දන්නවද.....
    කුරුළු අම්මල බිත්තර හොඳට බලල අඩුපාඩු තියෙන ඒව බිමට දානව.....

    ReplyDelete
  4. විනාඩි පහළොවෙ ඒව යන ඉක්මන !

    ReplyDelete
  5. උකුස්සාව ඩිලීට් ... hiks

    ReplyDelete
  6. @ හා පැටික්කි (MS)
    ඒක ඕනිම සතෙක් කරන දෙයක්....පුස් අම්මලා පවා එහෙම කරනවා...මම අත් දැකීමෙන්ම දන්නවා....

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...