Showing posts with label බිඟු නද. Show all posts
Showing posts with label බිඟු නද. Show all posts

Sunday, April 25, 2010

කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා



කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා
ඒ සිතිවිලි පත් ඉරුවල බොඳ වෙනවා
පත් ඉරු තුරුළු කරගෙන දැන් එනවා
මේවා මොටද මං ආපහු යනවා

පත් ඉරු බොඳ උනේ තීන්ත පොදින්ද
නැත්නම් එය උනේ සිතිවිලි වලින්ද
එය මොක උනත් හදවත ඔබේ හොඳින්ද
නැත්නම් මගේ හදවත දැන් එවම්ද

ඔබේ සිතත් මේ ලෙස බොඳ වේද
එවන් මෝඩ පැණයක් කෙලෙසක අසම්ද
අසනට සිටියේ සිත ගැන නොව  ගත ගැන නොවෙද
එහෙනම් ඔබේ සිත නොව ගත හොඳින්ද


ජීවිතය මෙසේ වීද




පාවෙන නිවසක්
සිතෙයි ආනන්දයක්
සිසිල් සුළං රැල්ලක්
ගත පිනවයි විඩාව දුරලයි
ගෙනෙයි මන්දහාසයක්
අතරින් පතර තියෙන
කුඩා සිදුරු සදයි
වියත් දැලට මංමාවත්
කිරණ ගලයි
පාවෙන ඔරුවක්
ගමනට අපහසු එහා මෙහා
නමුත් පැදිය යුතු
පොඩි උන්ට සෙල්ලම
මහවුන්ගේ ගිනිහිස මත
ජීවිතය මෙසේ වීද
ගලන ගඟක
තනිව පාවෙන

අභීතයනි...


කෝ මගේ දුනුවායන්
වරෙල්ලා..
උබලා රට වෙනුවෙන්
කරනා උත්තම
පූජාවට සූදානම් වෙයල්ලා...
තොපේ එක් හීයක්වත්
නාස්ති නොකරල්ලා..
සියල්ල
සතුරු කඳවුරු විනාසයට යොදල්ලා
බිය නොවව්...
අභීතයනි...



සතුරාගේ පපු කුහරයටම...


අබලන් වූ
මගේ අසරුවානෙනි
පදවපන් උබේ
අශ්වයා
ලඳු කැලෑ
උඩින්...
වාවාපන් උබේ
හද වත
හසුරවාපන් උබේ
අසිපත
සතුරාගේ පපු කුහරයටම...

තව මොහොතක්



සොඳුරු නිමේෂයක
අවසානයක්
වෙනත් කෙනෙකු හා
බැඳුනු සිතක්
තව එකෙකුගේ
සිහින මාළිගාවක්
පවා දෙන්නට
ස්වංහදවත
මොහොතින්
වෙනස් කරන්නට
වෙනස් වන්නට
නෙත් යුග  දල්වා
ගතවෙන යුගයක්

අවසන් සටන


අවසන් සටන
පටන් ගෙනය
සතුරා විනාශ කළ
යුතුමය
සිංහල කම වෙනුවෙන්
යුද පිටිය
දෙවනත් කල යුතුය
කිසිවකුට බිය විය යුතු නැත...
අසිපත මා සතුය...

ඉඳා.....

අවසන් සංග්‍රාමය


අවසන් සංග්‍රාමය
එළඹ ඇත
යුදය අවසන
බොහෝ වීරයන් මැරිලාය
සමහරු අතහැර ගොසිනි
රන සූරයන් කිහිප දෙනෙක්
තවමත් අභීතව
කාලය හා පොර බදමින්
සිල්ප දක්වති

මගේ කැකුලියේ...


අත්වැල වී
මගේ දිවි මගේ
දිගු ගමනක් යන්නට
සිනා පොකුරුකදී මෙන්ම
කඳුලු ගංඟාවකදීත්
නොසැලී යන්නට
ඔබට විරිය
මගේ කැකුලියේ...

විස කටුවක්


විස කටුවක්
සියුමැලි පුංචි පා
සිදුරු කරන්නට
අරා සිටිනු දැක
ඉවත් කෙරුමට
දැරූ තත
ඔබ නොමදැන
යථාර්තය
සැඟවී අඳුරේම
දොස් නගනු ඇත,
යම් දිනෙක කියනු ඇත
දැනෙනු ඇත
කිම විය එදා...

ජීවිතයේ නීති සියල්ල

ජීවිතයේ
නීති සියල්ල
උගෙන
යම් යම්
ඒවා
කිහිපයක්
සිඳලන්න
ගෙනේ
සිතට
ප්‍රබෝධයක්
තමාද
අන් අය
මෙන්ම
වැරදි
කරන නියාවෙන්...

ඉර ගල වැටෙන


ඉර ගල වැටෙන
වෙලාවේ ඉඳලාම
අරුණෝදය වනතුරු
එක සීරුවට
අකුරු කෙරුවයි
සයිබරය පිරෙන්නට
වතුර පාරක් විය
නැහැවෙන්නට
මුළු ගතම
විඩාව දුරු වන්නට
නැවත දුවන්නට....

විරිය දෙන්න සවිය දෙන්න


දෑස නිදි බරයි
අකුරු ඇදවෙයි
සිතිවිලි අයාලේ යයි
කිසිවක් නෑ හරියට ගැලපෙන්නේ...
මිනිත්තු 90ක් දුවන්න
විරිය දෙන්න
සවිය දෙන්න

එකම එක යතුරක්

එකම එක යතුරක්
එකම එක
යතුරු හිලක්
වෙන්වුනු
යතුරු කැරැල්ලක්
යතුර ගෙවුණු කල
තවත් එවන්ම
යතුරක්
කැමති උනත්
නැතත්




පිංතූරය

ලේ පිපාසිත රුදුරු පාපතරයනි

ලේ පිපාසිත
රුදුරු පාපතරයනි
නොබී
ළදරු රුධිරය
පලයව්
මහ වන මැද
සොයව්
තොපිටම වෙන්වුනු
තිරිසන්
ලේ

මට කියා පාන්නටද නංගියේ....


හිමිදිරියේ
උදාවන හිරු කිරණින්
විකසිත වන්නට්
පෙරුම් පුරනා
අවිහිංසක
පුංචිම පුංචි
මල් පොහොට්ටුවක්
මා ඉදිරියේ
කුරිරු ලෙසින්
තලා දැමුයේ
හදවතේ කුරිරු බව
මට කියා පාන්නටද නංගියේ....

නොවේ මා හා ඇසුරට


බෝමලුවේ
සුදු වැලි තලයේ
ඔබ මොබ
සැහැල්ලු ගමනින්
සක්මන් කරනා ඈ...
පෙරදා පරම පිවිතුරු
පෙම්වතිය ප්‍රේමයේ
සදාතනික බව පැවසූ...
ඇයම අද සිවුරු දරා
මා තනිකර සිතිජය පුරාවට
කඳුලු පුරවා...
යලි යලිත් උපනත් මගේ
සිතේ අතීත ප්‍රේමය
නොවේ මා හා ඇසුරට
පැවසූ දහම
කණට අම බිඳූ
මනසට මෙන්ම...








ආදර සයනයිඩ්


මල්සරා
පුරාණ මල්
දුන්න කැලයට
විසිකර
නව සහස්‍රයට
අති නවීන
මල් තුවක්කුවක්
ගෙන ආදර සයනයිඩ්
ගෙල පලඳා
ඔබ මොබ යනු
මීට දින කිහිපයකට
කලියෙන්
දුටිමි එක් වීථියක

දහවලට මෙන්ම රැයටද දැල්වෙන පහනක්


නිල්ල නෙලන
කෙත් යායකට මායින්ව
තිබූ කුඩා පැල් පතේ
දහවලට මෙන්ම රැයටද
දැල්වෙන පහනක්
දුටිමි
නිම නොවනා වරුණා
සිත් බැඳ ගන්නා

අද අමාවකද


අහසට නෙතු
යොමන කල
පුරා සඳ නුඹයි
සිනාසෙන
මුළු අහසම එකලු කරමින්
අඳුර මකාලමින්...
මගේ යහනට
සිරිය සැපත ගෙනෙන...
ඒත්
අද අමාවකද
ඔබ තාම නැත්තේ...
සියල්ල පාලූ වී
කාන්සිය පමනක්
ඉතුරු වී. ...

බිඟුලන්තය - කැලය (IV) - උරගයෝ



පිඹුරා නම් අහිංසකයි කියන්නේ
එයා නෑනේ එලවාලා හපන්නේ
වෙලාගත්තොතින් මේ අහන්නේ
ඇට කුඩුවෙලයි ඌ මැරෙන්නේ

නයා නෑලූ බොරුවට ඔය පුප්පන්නේ
පුප්පනකොට පෙනේ හොඳට පේන්නේ
දෂ්ඨ කලොත් වැඩි වෙලා නෑ ඉඳින්නේ
ඌට ගහල පොල්ල වරද නොගන්නේ

පොළඟා නම් මග රැකලා ඉඳින්නේ
දැක්ක ගමන් එලවන්නට හදන්නේ
වලිගේ කොටා කියලත් අර කියන්නේ
වල් ඌරට පුදුම බයක් තියෙන්නේ

මෙකී නොකී බොහෝ උරග සිටින්නේ
හැම එකාම දෂ්ඨ නොකර සිටින්නේ
දෂ්ඨ කලත් නිසරු බයක් නොගන්නේ
විසකුරු අය කිහිප දෙනයි සිටින්නේ