Sunday, April 25, 2010

එයත් එම් බී බී එස් ද?

මෙය මාගේ බිරිඳගේ එක් නෑදෑ කෙනෙකුගේ දුවක කී කතාවක්. කතාව මෙසේය. ඇයගේ වයස අවුරුදු 7ක් හෝ 8 ක් වන්නට ඇත. ඇගේ කිරි අම්මා නොහොත් ආච්චී නිතරම පාහේ තමාගේ වාසගම ගැන පුරසාරම දොඩන්නියක වූවාය. අපි නම් "කුළුමීමාගේ ගොන්කිරි උන්නාන්සේලාගේ..." මිනිස්සු. අපේ වරිගේ ඇත්තෝ මෙහෙමයි. මෙවැනි දේ නිතර කියනා බැවින් අපේ කථානායිකාව වන පොඩි එකීද මේ වාසගම යනු කුමක්ද කියා දැනගෙන සිටියාය.

දිනක් හදිසියේම ඇය එක් වෛද්‍යවරකු වෙත රැගෙන ගියේ ඈට තිබූ අජීර්ණයකට ඔසුවක් සොයනු පිරිසය.


සෙනඟ තරමක් වූයෙන් ඔවුනට ටික වෙලාවක් අසුන් ගෙන සිටින්නට විය. මේ අතර අර කී වෙදදුරාගේ එක් දැන්වීම් පුවරුවක් අසල බිත්තියේද එල්ලා තිබිණ. පොඩි එකී මෙය කියවන්නට විය. හදිසියේම ඈ මෙසේ කියන්නට විය.

"අම්මේ මෙයත් එම් බී බී එස්. මේයා අර දොස්තරගේ නෑදෑයෙක් වෙන්න ඇති නේද?"

මෙය ඇසූ දෙමාපියන්ට සිනහා නවතාගත නොහැකි වුවත් අසල සිටි අයට සිද්ධිය තේරුණේ නැත. ඒ කිසිත් නොකියා දෙමාපියන් ආපසු නිවසට පැමිණ ආච්චී සමග මෙය පවසා ඇත. ඊට පසුව ආච්චීගේ කියවිල්ල ටිකක් අඩු වූ බව ද ඒ කී නැන්දා අප සමග පැවසුවාය.

පිංතූරය

9 comments:

  1. හ්ම්ම්ම්... ඔව්....
    ඊයෙ දවසට එක තප්පරයක් නිදාගත්තෙ නෑ.....
    දිගටම ඇහැරල..... තව ටිකකින් පන්තිත් යනවා...... :D :D :D :D :D :D:D

    ReplyDelete
  2. මරු

    @හා පැටික්කි (MS)
    නිදාගන්ට පන්ති යන්ට ඕනැයැ. ඔන්න ඔහෙ ගෙදරට වෙලාම නිදියන්න ;)

    ReplyDelete
  3. @ Madhuranga Rathnayake
    එහෙම වෙන එකක් නෑ..... හා පැටික්කි ඉස්සරම මේ වගේ ඉඳල දවසෙමත් පන්ති ගිහින් අපූරුවට වැඩ කරල තියෙනව.
    හැබැයි දැන් පුලුවන්ද දන්නෑ......
    අදම ඒකත් චැක් කොර ගන්නව..... :D :D :D :D

    ReplyDelete
  4. @හා පැටික්කි (MS)
    හෆොයි :O
    හා පැටික්කි දස්සයා...;)

    ReplyDelete
  5. ගොඩ වෙලාවකින්....ඔන්න වතුර

    ReplyDelete
  6. වංසේ කබල් ගාන අය ඉන්නවනේ අනේ ඔය වගේ.... මඟුලක් කරන්න ගියත් සමහරුන්ට ඕක තමයි මුලින්ම හරියන්න ඕනා....

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...