Sunday, April 25, 2010

රිදෙන්න තරම් තවත් හිතේ ඉතුරු වෙලා නෑ




වේදනා දැනෙන්නේ නෑ
නිදිකුම්බා කටු
ඇනුනත්
අත් රිදෙන්නේ නෑ
රෙදි කන්දක්
සේදුවත්
ඇස් රිදෙන්නේ නෑ
අව් කාස්ටකේ
ඇවිද ගියත්
හිත රිදෙන්නේ නෑ
නුඹ තව
බොරු කීවත්

රිදෙන්න තරම් තවත්
හිතේ ඉතුරු වෙලා නෑ 
මගේ පුතේ...

6 comments:

  1. නරක පුතෙක්....

    ReplyDelete
  2. සංවේදී සටහනක්.

    ReplyDelete
  3. දැනුන ගොඩක්......
    පද පෙලත් අපූරුයි....

    ReplyDelete
  4. තමන්ගේ දුකට ගල් ගෙඩියක්
    පුතුගෙ දුකට වෙඬරු පිඬක්
    එසේමැයි මව් සෙනෙහස
    නොවැටහෙන පුතුනට පුහුදුන්...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...