Sunday, April 25, 2010

බිඟුලන්තය - දිය ඇල්ල

බිඟුලන්තය මැද්දේ තරමක ලොකු කඳු ගැටයක් තිබ්බා. මේකෙන් පුංචි දොල පාරක් පටන් අරගෙන හිමීට ගලාගෙන ගියා. මේ දිය උල්පත කවදාවත්ම සිඳුනේ නෑ. අවුරුද්ද මුලුල්ලේම වතුර ගලන්න තරම් මෙයාට හයිය හත්තිය තිබුණා. තද නියඟයක් ආව කාලෙකදී පවා මේ දිය උල්පත සිඳුනේ නෑ. පුංචිම පුංචි දිය සිරාවක් හරි ඒකෙන් මතුවෙලා ගලා යන්න තරම් වුනා. මේ දිය පහරට මගදී තවත් පොඩි දිය පහරවල් එකතු වෙලා තරමක ලොකු ගඟක් විදියට තමා මුහුදට එක වුනේ. මේ ගඟ අර කන්ඳෙන් පහලට වැටෙන එක තැනක පොඩි දිය ඇල්ලක් හදවමින් තිබුනා. මෙතන හරිම ලස්සන තැනක් වුනා. අඩි 30ක් විතර උසට වැටෙන මේ දි ඇල්ලෙන් ඒ ප්‍රදේශයටම පුදුම ලස්සනක් ගෙන දෙමින් තිබුණා. දිය ඇල්ලේ ගුමු ගුමුවයි පරිසරයේ විහඟ නදයි ඒ පැත්තම සුර විමනක් බවට කරන්න තරම් සමත් උනා.

කවුරුවත් ඒ ලස්සනට හානි කලේ නෑ.

3 comments:

  1. සිතේ මැවුණු රූ
    ඔබේ නෙතේ ඇහැකිනම්.....

    ReplyDelete
  2. සුරංගනා කතා ලස්සනට චිත්ත රූප මවන්න පුලුවන් අයියට.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...