Sunday, April 25, 2010

මගේ සුරතලා අපේ බල්ලාය.

මගේ සුරතලා අපේ බල්ලාය. උගේ නම ටාසන්ය. අපි ඌට ගොඩාක් ආදරය කරමු. ඌ කලු පාටය. ඌට කකුල් හතරක් ඇත. ඇඟිලි 20 ක් ද ඇත.සමහර බල්ලන්ට ඇත්තේ ඇඟිලි 18 ක් හෝ 19කි. අපේ බල්ලා අනිත් බල්ලන්ට සපා කනවා. ටාසන් අප සමග වැවට නාන්නට යන්නේය. ටාසන් වැඩියෙන්ම ආදරේ මටය. අරේ ඌ අපේ ගෙදර ආරක්ෂකයාය. සමහරදාට ඌ මාත් එක්ක පාසල ළඟට එන්නේය. ටාසන් මාත් සමග හවසට සෙල්ලම් කරයි. අපිට ටාසන් දුන්නේ කුමාර මාමාය. කුමාර මාමා ළඟ තව ටාසන් කෙනෙක් ඉන්නවා.

පොඩි බිඟුවා
4 වසර

6 comments:

  1. හිහ්... මැක්ක ගැන ලියල නෑනේ...... :D

    "ටාසන්ට මම ගොඩාක් ආදරෙයි" කියන අන්තිම පොදු වාක්යෙ ලිව්වෙ නැත්ද??????? ;D

    රුහුණු කුමාරියත් ගියා ඕන්..... :O :O

    ReplyDelete
  2. සංතෝසයි....හොද අනාගතයක් තියෙනවා පොඩි පුතාට....

    ReplyDelete
  3. ටාසන්ට වැල් වල යන්නත් පුලුවන්ද??

    ReplyDelete
  4. පොඩියෙකාගෙ පොතුත් උස්සලා :P

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...