Saturday, April 24, 2010

පඤ්චාංගය - දිනය

පඤ්චාංගය යනු අංග පහක් යන්නයි. උදාහරණයක් ලෙසට ගසක පඤ්චාංගය ලෙස කොළ, පොතු, මුල්, මල් හා ගෙඩි අර්ථ දැක්විය හැකිය. නමුත් අද මා කියන්නට යන්නේ ජ්‍යොතිෂයේ පඤ්චාංගය දිනය ගැනයි.

එනම්
  1. දිනය,
  2. නැකත,
  3. තිථිය,
  4. යෝගය හා
  5. කරණය වේ.

එමෙන්ම දින 7 ක්, නැකත් 27 ක්,  තිථි 15 ක් , යෝග 27 ක්  හා කරණ 11 ක් ඇති බව මෙහි සඳහන් කළ යුතු වේ.

දිනයෙන් ආයු වර්ධනයද,  නැකතින් පව් දුරු කිරීමද, තිථියෙන් ශ්‍රියාවද, යෝගයෙන් නිරෝගී බවද, කරණයෙන් කාර්යය සිද්ධියද අර්ථ දැක්වේයැයි පොත පතෙහි සඳහන් වේ.

අපි මුලින්ම දන්නා කියනා දිනය ගැන බලමු.
එහිදී අප සාමාන්‍ය භාවිතයේ එන දින හතම වෙන වෙන නම් වලින් හැඳින්වේ.

සාමාන්‍ය භාවිතයේදී ජ්‍යොතිෂයේදී
ඉරිදා රවි දින
සඳුදා චන්ද්‍ර දින
අඟහරුවාදා කුජ දින
බදාදා බුද දින
බ්‍රහස්පතින්දා ගුරු දින
සිකුරාදා කිවි දින
සෙනසුරාදා ශනි දින

එමෙන්ම ඉරිදාට ශිව ද, සඳුදාට දුර්ගාද (පාර්වතී),  අඟහරුවාදාට ස්කන්ධ කුමාරයාද, බදාදාට විෂ්ණු ද,
බ්‍රහස්පතින්දාට මහා බ්‍රහ්මයාද, සිකුරාදාට ශ්‍රී කාන්තාවද සෙනසුරාදාට යමද අධිපතියන් ලෙස කියැවේ. 

1 comment:

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...