Showing posts with label දැනුම පොතට. Show all posts
Showing posts with label දැනුම පොතට. Show all posts

Tuesday, May 25, 2010

කිරි ඉතිරවීම හා පත්තිනි කතාන්දරය

මෙය ජනප්‍රවාදයේ එන කතාවකි.


පත්තිනි දේවිය හා පාළඟ කුමරු යන දෙදෙනා එකල බොහෝ ආදරයෙන් ජීවත් වූ දෙදෙනෙකි. එකල රජකම් කල පඬි රජ විසින් සළඹක් සොරා ගත්තායැයි කියමින් පාළඟ කුමරු මරා දමනු ලැබීය. මේ වියෝවෙන් වියරු වැටුනු පත්තිනි දේවිය ගෝපුර පිහිටි රජ මාලිගාව ඉදිරියේ සිට රජුන්ට පළි ගසන්නට විය. මෙයින් උදහස් වුනු රජ "තීට තොගේ තන කවමි" යැයි කියමින් තර්ජනය කරන්නට විය. සිහි විකල්ව සිටි පත්තිනි දේවිය තම වම් තනය කඩා රජුටත් රටටත් ශාප කරන්නට විය. මේ ශාපය හමුවේ මුළු මාලිගාවම ගිනි ගෙන දැවෙන්නට විය. රටටද ගින්න පැතිරුනයෙන් එරට වැසියෝ එක්ව දෙනුන්ගෙන් කිරි දොවා හිරු දෙවියන්ගේ නාමට කිරි ඉතිරිවීය. හිරි දෙවියන් ඉතා බලවත් වූයෙන් එම ගින්නෙන් මදුරා පුරය බේරාගත් බව ජනප්‍රවාදයේ කියැවේ. මෙලෙස හිරු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම ආරම්භ වූවායයි ජනප්‍රවාදයේ සඳහන් වේ.


කෙසේ නමුත් මහා ව්‍යසනකින් ආරක්ෂාවීමට මේ කිරි ඉතිරවීම කරන්නට ඇත. අදටත් මිනිස්සු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම යම් යම් ව්‍යසන හමුවේදී කිදු කරන බව ප්‍රකට කරුණකි.

පිංතූරය





Sunday, April 25, 2010

පොඩි එකක්

ඔන්න එක ගහක හිටියලු කුරුලු රංචුවක්. ඉතින් දවසක් මේ ගොල්ල පිල් දෙකකට බෙදිලා හිටියලු. ඔහොම ඉන්නකොට එක පිලක ඉන්න එකෙක් කිව්වලු මෙහෙම.

"උඹලගෙන් එකෙක් අපිට දීපල්ලා, එතකොට උඹලගේ ගානට අපේ ගාන සමානයි"

ඒකට පිළිතුරු විදියට අනිත් පැත්තේ එකා මෙහෙම කිව්වලු.

"උඹලගෙන් එකෙක් අපිට දීපල්ලා, එතකොට උඹලාගේ ගාන වගේ දෙගුණයක් වෙනවා අපි"



ඉතින් මෙහෙම කියවා ගත්ත කමක් නෑ.

මට කියන්න එහෙනම් මේ රංචුවේ කීයක් හිටියද කියලා?

පිංතූරය

අම්මා කෙනෙක් නෙමෙයි අම්මගේ

දැන් කියන්න හදන්නේ නම් ටිකක් විතර අපි හිතන්නේ ඕනෑ දෙයක් ගැන. මේ ළඟදී මගේ නැන්දම්මා මෙහෙම කතාවක් කිව්වා මාත් එක්ක...

"අම්මා කොහෙද යන්න හදන්නේ?" මං ඇසුවා.
"අපේ අර ටීචර් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ මළ ගෙදරක් වෙලා."
"නෑ නෑ.. අම්මා කෙනෙක් නෙමෙයි. අම්මගේ මළ ගෙදර.."  කියලා ආයෙත් එය නිවැරදි කලා.

පස්සේ තාත්තා ඇහුවා මෙහෙම.
"ඒක දැන් කියන්න පුළුවන් අම්මා තාත්තාට විතරද?"

"ඔව්නේ. එහෙම නැත්නම් ඉතින් ඉන්න ඕනේ ඔය කියන ජාතියෙන් එක් කෙනෙක් විතරනේ..."
කියලා අම්මා කියාගෙන ගියා.. කතාව නම් දිගටම ගියා.

අපි කියන විදිය වැරදි තමා නේද? බලන්න අපි කියන්නේම අඳුරන කෙනෙක්ගේ කෙනෙක් අම්මා කෙනෙක් කියලනේ. නමුත් එයාට ඉන්නේ එකම අම්මා කෙනෙක් නේද? ඉතින් මේ භාවිතය වැරදියි කියලා මටම හිතුනා. එහෙනම් ආයෙත් කියනකොට මෙහෙම කියන්න...

"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා අසනීප වෙලා."

"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා කෙනෙක් අසනීප වෙලා."
කියලා නෙමෙයි ඔන්න

Saturday, April 24, 2010

පඤ්චාංගය - කරණය-II

කරණ 11 ක් සියල්ල දැක්විය හැකි බව ඉහතදී මා විසින් සඳහන් කරන ලදී. ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන  ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ. ඒ වෙනුවෙන් කියැවුනු කවි කිහිපයක් මෙලෙස දක්වමි.


එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
ජලවක කුකුළු පස එළු කරණ
සත ගව අට සිංහ නව සුකර කරණ
දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ

එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ
පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

අට්වක ඌරු දියවක ගජ කරණවණු
තියවක කුකුළු ජලවක දිවි කරණවණු
පස එළු කරණ සැටවක ගජ කරණවණු
සතවක සිංහ අටවක සුකරයි දණු

නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ
තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ
අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ

පඤ්චාංගය - කරණය

කරණය යනු අප ඉහතදී කී තිථියේ භාගයකි. මේවා කොටස් දෙකකි. ඒවා නම් චර කරණ හා තිර කරණ වේ.

චර කරණ 7 
  1. බව 
  2. බාලව 
  3. කෞලව 
  4. තෛතිල 
  5. ගරජ 
  6. වනිජ 
  7. විෂ්ටි

තිර  කරණ 7 
  1. ශකුණ 
  2. වතුස්පාද 
  3. නාග 
  4. කිංස්තුංග 

පඤ්චාංගය - යෝගය

මෙහිලා යෝග 27 ක් ගැන සඳහන වන අතර මේ යොඉග කුමක් සඳහා යොදා ගන්නේදැයි මම නොදනිමි. නමුත් පඤ්චාංගයේ එක ඇංගයක් බවින් එහි අඩංගු දෑ පිළිඹද අසටහනක් තැබීමට සිතුවෙමි.

එම 27 මෙසේය.
  1. විශ්කමභ 
  2. ප්‍රීති 
  3. ආයුෂ්මන් 
  4. සෞභාග්‍ය 
  5. ශෝභන 
  6. අතිගණ්ඩ 
  7. සුකර්ම 
  8. ධෘති 
  9. ශුල 
  10. ගණ්ඩ 
  11. වෘද්ධි 
  12. ධෘව 
  13. ව්‍යාඝාත 
  14. හර්ෂණ 
  15. වජ්‍ර 
  16. සිද්ධි 
  17. ව්‍යතිපාත 
  18. වාරියන් 
  19. පරිඝ 
  20. ශිව 
  21. සිද්ධ 
  22. සාධ්‍ය 
  23. ශුභ 
  24. ශුබ්‍ර 
  25. බ්‍රහ්ම 
  26. මාහේන්ද්‍ර 
  27. වෛධෘති

පඤ්චාංගය - තිථිය

තිථිය යනු චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එක් දිනයකි. නමුත් පෙර කී පරිදි තිථි 15 පමණක් වේ. එයින් කියැවෙන්නේ මාසයකට එකම තිථිය දෙවරක් යෙදෙන බවය. එය සැබෑවකි. නමුත් මෙය සිදු වන්නේ පුර පක්ෂයට 15 ක් හා අව පක්ෂයට 15 ක් ලෙසය. පුර පක්ෂය යනු සඳු පිරීගෙන එන කාලයයි. අමාවක දිනයෙන් පටන් ගෙන පුර පසළොස්වක දිනය දක්වා පුර පක්ෂය වේ. අව පක්ෂය යනු පසළොස්වක දින සිට අමාවක දින දක්වා කාලයයි.

තිථි 15 මෙසේ දැක්විය හැකිය.
  1. පෑලවිය 
  2. දියවක 
  3. තියවක 
  4. ජලවක 
  5. විසේනිය 
  6. සැටවක 
  7. සතවක 
  8. අටවක 
  9. නවවක 
  10. දසවක 
  11. එකොළොස්වක 
  12. දෙළොස්වක 
  13. තෙළෙස්වක 
  14. තුදුස්වක 
  15. පසළොස්වක (අමාවක)

පඤ්චාංගය - නැකත

ජ්‍යොතිෂයේ නැකත් 27 ගැන සඳහන් වේ.
ඒ පිළිබඳව කෙටිම කෙටි අදහසක් දීමට මෙලෙස අකුරු කර තබන්නට උත්සුක උනෙමි.

ඒවා මෙලෙස දැක්විය හැකිය.
  1. අස්විද 
  2. බෙරණ 
  3. කැති 
  4. රෙහෙණ 
  5. මුවසිරිස 
  6. අද 
  7. පුනාවස 
  8. පුස 
  9. අස්ලිය 
  10. මා 
  11. පුවපල් 
  12. උත්‍රපල් 
  13. හත 
  14. සිත 
  15. සා 
  16. විසා 
  17. අනුර 
  18. දෙට 
  19. මුල 
  20. පුවසල 
  21. උත්‍රසල 
  22. සුවන 
  23. දෙනට 
  24. සියාවස 
  25. පුවපුටුප 
  26. උත්‍රපුටුප 
  27. රේවතී
මේ හැර අභිජිත් නම් නැකතක් ඇති අතර එය වැඩිපුර භාවිතා නොවන බව කියැවේ.


ඒ ඒ නැකතට අධිපති ග්‍රහයෙක් සිටිනා බව පොත පතෙහි සඳහන් වේ. එලෙසම නැකතකට අදාලව ගණ, යෝනි, වෘක්ෂ, පක්ෂි, ලිංගාදී කරුණු 10 වේ. පොරොන්දම් බැලීමේදී මෙමා කරුණු යොදා ගන්නවා ඇත.

කැති තුරුපල් තුරුසල ඉරුට සවිය ය
රෙහෙණ හත සුවණ දසවරුස සඳුට ය
මුවරිස් සිත දෙනට සත් අවුරුදු කුජ ය
අද සා සියාවස රාහුට අට ලොස ය

පුනවසි විසා පුවපුටු ගුරුට සොලොස ය
පුෂ නුර උත්‍රපුටුපා ශනි දස නම ය
අස්ලිය දෙට රේවතී බුධ සතලොස ය
මා මුල අස්විද කේතුට සතක් වී ය

පුවපල් ගුණය පුවසල බෙරණ නැකත ය
විස්සක් වරුස සිකුරා හට නියම වි ය
මෙකී මේ දශා මේ ලෙසට ගැන තී ය
උපන් නැකත දැන මෙලෙසින් දසාසො ය

පඤ්චාංගය - දිනය

පඤ්චාංගය යනු අංග පහක් යන්නයි. උදාහරණයක් ලෙසට ගසක පඤ්චාංගය ලෙස කොළ, පොතු, මුල්, මල් හා ගෙඩි අර්ථ දැක්විය හැකිය. නමුත් අද මා කියන්නට යන්නේ ජ්‍යොතිෂයේ පඤ්චාංගය දිනය ගැනයි.

එනම්
  1. දිනය,
  2. නැකත,
  3. තිථිය,
  4. යෝගය හා
  5. කරණය වේ.

එමෙන්ම දින 7 ක්, නැකත් 27 ක්,  තිථි 15 ක් , යෝග 27 ක්  හා කරණ 11 ක් ඇති බව මෙහි සඳහන් කළ යුතු වේ.

දිනයෙන් ආයු වර්ධනයද,  නැකතින් පව් දුරු කිරීමද, තිථියෙන් ශ්‍රියාවද, යෝගයෙන් නිරෝගී බවද, කරණයෙන් කාර්යය සිද්ධියද අර්ථ දැක්වේයැයි පොත පතෙහි සඳහන් වේ.

අපි මුලින්ම දන්නා කියනා දිනය ගැන බලමු.
එහිදී අප සාමාන්‍ය භාවිතයේ එන දින හතම වෙන වෙන නම් වලින් හැඳින්වේ.

සාමාන්‍ය භාවිතයේදී ජ්‍යොතිෂයේදී
ඉරිදා රවි දින
සඳුදා චන්ද්‍ර දින
අඟහරුවාදා කුජ දින
බදාදා බුද දින
බ්‍රහස්පතින්දා ගුරු දින
සිකුරාදා කිවි දින
සෙනසුරාදා ශනි දින

එමෙන්ම ඉරිදාට ශිව ද, සඳුදාට දුර්ගාද (පාර්වතී),  අඟහරුවාදාට ස්කන්ධ කුමාරයාද, බදාදාට විෂ්ණු ද,
බ්‍රහස්පතින්දාට මහා බ්‍රහ්මයාද, සිකුරාදාට ශ්‍රී කාන්තාවද සෙනසුරාදාට යමද අධිපතියන් ලෙස කියැවේ.