Showing posts with label හිනා හිනා. Show all posts
Showing posts with label හිනා හිනා. Show all posts

Tuesday, May 25, 2010

ආවේ නම් 10ට ගනින්න බැරි විදියට

මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.

ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියලා. මම කිව්වා ඒක නම් බෑ. අඩුම ගානේ 6 ටවත් දාන්න කියලා. ඔහොම කොහොම හරි මම 6 ට ගියා. මම ඇත්තම කියන්නම්, මට ඒ පොත හරිම ලේසියි. කරන්න කියලා දෙයක් නෑ. මම පන්සල ගියේ ඉරිදා උදේට සෙල්ලම කරන්න තියෙන ආසාවට මිසක් ඉගෙන ගන්න නෙමෙයි.

දවසක් අපි මොකක් හරි ලොකු බුලක් කෙලලා හමුහුරුවන්ට මල පැන්නා. අපිව ගෙන්නලා දෙහි කපන්න ගත්තා. පස්සේ ඇහුවා කවුද පටන් ගත්තේ කියලා. මම වීරයානේ. එක පාරම "මම" කියලා කිව්වා.
දැන් ආයෙත් හාමුදුරුවන්ට මල.

"මේකා පන්සලට ආවේ නිකන් 10ට ගනිනන් බෑ වාගේ.. ඒක ට දැන්..."

මේක කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික පුරවලා දැම්මා මෙහෙම.

"11ට පුළුවන්..."

එතන හිටිය සමහර ගුරුවරුන්ට නම් හිනාත් ගියා. සමහරු නම් කිව්වා තියෙන පණ්ඩිතකම කියලත්. කොහොම උනත් ඒක හෙන ගොන් වැඩක් කියලා නම් මට දැන් තේරෙනව. ඒ කාලේ මගේ වීරකම කියලා මම හිතාගෙන හිටියා. ඔන්න ඔයවගේ වීර කමක් කොරන්න ගිහින් ඉස්කෝලෙන්නම් එකසිය ගානක කාලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් ඒකත් අකුරු කරන්නම්කෝ...

Sunday, April 25, 2010

එයත් එම් බී බී එස් ද?

මෙය මාගේ බිරිඳගේ එක් නෑදෑ කෙනෙකුගේ දුවක කී කතාවක්. කතාව මෙසේය. ඇයගේ වයස අවුරුදු 7ක් හෝ 8 ක් වන්නට ඇත. ඇගේ කිරි අම්මා නොහොත් ආච්චී නිතරම පාහේ තමාගේ වාසගම ගැන පුරසාරම දොඩන්නියක වූවාය. අපි නම් "කුළුමීමාගේ ගොන්කිරි උන්නාන්සේලාගේ..." මිනිස්සු. අපේ වරිගේ ඇත්තෝ මෙහෙමයි. මෙවැනි දේ නිතර කියනා බැවින් අපේ කථානායිකාව වන පොඩි එකීද මේ වාසගම යනු කුමක්ද කියා දැනගෙන සිටියාය.

දිනක් හදිසියේම ඇය එක් වෛද්‍යවරකු වෙත රැගෙන ගියේ ඈට තිබූ අජීර්ණයකට ඔසුවක් සොයනු පිරිසය.


සෙනඟ තරමක් වූයෙන් ඔවුනට ටික වෙලාවක් අසුන් ගෙන සිටින්නට විය. මේ අතර අර කී වෙදදුරාගේ එක් දැන්වීම් පුවරුවක් අසල බිත්තියේද එල්ලා තිබිණ. පොඩි එකී මෙය කියවන්නට විය. හදිසියේම ඈ මෙසේ කියන්නට විය.

"අම්මේ මෙයත් එම් බී බී එස්. මේයා අර දොස්තරගේ නෑදෑයෙක් වෙන්න ඇති නේද?"

මෙය ඇසූ දෙමාපියන්ට සිනහා නවතාගත නොහැකි වුවත් අසල සිටි අයට සිද්ධිය තේරුණේ නැත. ඒ කිසිත් නොකියා දෙමාපියන් ආපසු නිවසට පැමිණ ආච්චී සමග මෙය පවසා ඇත. ඊට පසුව ආච්චීගේ කියවිල්ල ටිකක් අඩු වූ බව ද ඒ කී නැන්දා අප සමග පැවසුවාය.

පිංතූරය

විදුලි පං කවේ

මේක නම් මේ පහුගිය දවස්වල මගේ රැජිණගේ කටේ තිබුණ වචන කිහිපයක්.


විදුලි පං කවේ
විදුලි පං කවේ
මගේ ගතට සිසිළ දෙන්න
විදුලි පං කවේ







මෙය "විදුලි පංකවේ" නොව "විදුලි පං කවේ" ම විය යුතුය.
මේ ලෙසට වැරදි තැනින් අකුරු බෙදා වචන කතා කිරීම අප දෙදෙනාගේ එක් ප්‍රියතම ක්‍රියාවකි.


පිංතූරය