Showing posts with label විකාර. Show all posts
Showing posts with label විකාර. Show all posts

Tuesday, May 25, 2010

ආවේ නම් 10ට ගනින්න බැරි විදියට

මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.

ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියලා. මම කිව්වා ඒක නම් බෑ. අඩුම ගානේ 6 ටවත් දාන්න කියලා. ඔහොම කොහොම හරි මම 6 ට ගියා. මම ඇත්තම කියන්නම්, මට ඒ පොත හරිම ලේසියි. කරන්න කියලා දෙයක් නෑ. මම පන්සල ගියේ ඉරිදා උදේට සෙල්ලම කරන්න තියෙන ආසාවට මිසක් ඉගෙන ගන්න නෙමෙයි.

දවසක් අපි මොකක් හරි ලොකු බුලක් කෙලලා හමුහුරුවන්ට මල පැන්නා. අපිව ගෙන්නලා දෙහි කපන්න ගත්තා. පස්සේ ඇහුවා කවුද පටන් ගත්තේ කියලා. මම වීරයානේ. එක පාරම "මම" කියලා කිව්වා.
දැන් ආයෙත් හාමුදුරුවන්ට මල.

"මේකා පන්සලට ආවේ නිකන් 10ට ගනිනන් බෑ වාගේ.. ඒක ට දැන්..."

මේක කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික පුරවලා දැම්මා මෙහෙම.

"11ට පුළුවන්..."

එතන හිටිය සමහර ගුරුවරුන්ට නම් හිනාත් ගියා. සමහරු නම් කිව්වා තියෙන පණ්ඩිතකම කියලත්. කොහොම උනත් ඒක හෙන ගොන් වැඩක් කියලා නම් මට දැන් තේරෙනව. ඒ කාලේ මගේ වීරකම කියලා මම හිතාගෙන හිටියා. ඔන්න ඔයවගේ වීර කමක් කොරන්න ගිහින් ඉස්කෝලෙන්නම් එකසිය ගානක කාලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් ඒකත් අකුරු කරන්නම්කෝ...

ජීවිතේට රිවස්

ජීවිතේට රිවස්  එකක් නෑ යනුවෙන් බොහෝ දෙනා පැවසුවද රිවස් එකක් ඇති බව යම් අවස්ථාවකදී මට සිතෙන්නේට විය. එය කෙසේඩැයි කියා දැන් හරියටම මට මතක නැට. නමුත් එය තාර්කිකව පිළිගත හැකි මට්ටමට මට උදාහරණ ඒ මොහොතේ සිහි වන්නට විය. එය සිහි වූ කල්හි නැවට ලියමි. ඒසේ ලියන්නට මෙය කටු සටහනක් ලෙස ලියා තබමි.

හරියට නිකන් අලුතෙන් පටන් ගත්ත බ්ලොග් එකක් වගේ...

Sunday, April 25, 2010

ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...


මෙන්න ඔය අස්සේ මගේ වචන ගනන 4000ත් පැන්නා... මරු මරු...
මම හිතාගෙන හිටියේ 300ක් ලියන්න... ඒත් කොහෙද මේ වතුර ගැහිල්ල එක්ක බෑනේ...
දුවන්නමයි හිත.... ඔය ඔය...
ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...

එහෙනම් ආයෙත් දිව්වා

මම දැන් ඉන්නේ ඉතාමත් වේගයෙන් දුවන මන්තීරුවක... වේගය බොහොම අදිකයි... වැරදිලා ඉර කපාගෙන ඩුවන්න ඉඩ තියෙනවා.. එහෙම කලා කියලා මාව අයින් කොරනවා නෙමෙයි ඔන්න... එහෙනම් ආයෙත් දිව්වා

යන්න එපා කොහෙවත් ඔන්න....


මේ යන්නේ අන්තිම හරිය, ඉතින් අකුරු පැටලිලා ඇති ඕනෑ තරම්...
ඔන්න ඉතින් ඒවා හදාගෙන කියවනවානම් අගෙයිකියලා මම මතක් කරලා දෙන්නම්කෝ...
ඔන්න එහෙනම් තව පැය 1/2 ක් වත් නෑ මේක අහවර වෙන්න....

යන්න එපා කොහෙවත් ඔන්න....

මේ දිව්වා ජීවිතේටම ඇති.


ඔන්න ඉතින් මට ඔයාලගේ බ්ලොග් වලට රින්ගල වතුර පාරක් ගහන්න බැරි වෙච්ච එක ගැන මගේ අවංක ශෝකය පලකර සිටිනවා. ඒ ගැන අහිතක් හිතන්නේ නැති වෙයි කියලා හිතනවා... ආයේ මම දුවන්නේ නෑ... වතුර ගන්න සෙට් වෙන්නම්..
මේ දිව්වා ජීවිතේටම ඇති.

අපේ පූසා කළුම කළුය.

අපේ පූසා කළුම ක  ළුය.
ඉන්නේද කළුවර තැන්වලමය.
හොයන්නේද කළුවරමය.
අපිට හොයා ගන්නට බැරිවන්නේද කලුවරේ ඉන්න විටය.

අපිට ඕනෑ බාල්දිවලින් ගහන වතුරමයි...


මෙන්න බූලි වලින් වතුර ගහනවෝ...
එහෙම බැරියො....
අපිට ඕනෑ බාල්දිවලින් ගහන වතුරමයි...

එක හසියෙක් ගියා... තව හසියෙක් ආවා...


එක හසියෙක් ගියා...
තව හසියෙක් ආවා...

ඒකට  කමක් නෑ.. ඔන්න වතු දෙන්න ඕනෑ නාන්න..
මොකද තවම නෑ මූණ හෝදලා...

තව මිනිත්තු 30යි...


තව මිනිත්තු 30යි...
නිදිමත නම් ගියා ඔන්න..
මගේ රැජිනත් ආවා මගේ වැඩ බලන්න...
අලුත් කික්ස් එකක් ආවා...
අවසන් මෙහෙයුම් කරන්නේ...

ජීවිතයේ නීති සියල්ල

ජීවිතයේ
නීති සියල්ල
උගෙන
යම් යම්
ඒවා
කිහිපයක්
සිඳලන්න
ගෙනේ
සිතට
ප්‍රබෝධයක්
තමාද
අන් අය
මෙන්ම
වැරදි
කරන නියාවෙන්...

සිතාසි

ආ බඩුවක් කියන්න බැරි උනානේ.. පහු ගිය සතියේ පොලිස් මහත්තයෙක් මට නවතින්න කියලා සංඤා කලා. මම ඒක අහන්නේ නැතුව 100 ට පැද්දා. ඒක පට්ට ආතල් උනා. හැබැයි ලබන සතියේ මට උසාවි එන්න කියලා සිතාසි එයිද දන්නේ නෑ...

දැන්නම් ලියැවෙන්නේ නිකන් වචන විතරයි.


දැන්නම් ලියැවෙන්නේ නිකන් වචන විතරයි. හරියට ගැලපෙන්නේ නෑ.... අකුරුත් පැටලෙනවා... ඒත් තව පොඩ්ඩනේ.. ඔන්න ඔහේ ඉන්නවා....

ජීවිතේ මල්

ජීවිතේ මල්
අම්ම ඉන්නකල්
අම්මා නැති කල්
අපි විහින් පල්

ආයෙත් පරිසරයට විනාඩියක් ඔන්න

ආයෙත් පරිසරයට විනාඩියක් ඔන්න

මගේ සුරතලා අපේ බල්ලාය.

මගේ සුරතලා අපේ බල්ලාය. උගේ නම ටාසන්ය. අපි ඌට ගොඩාක් ආදරය කරමු. ඌ කලු පාටය. ඌට කකුල් හතරක් ඇත. ඇඟිලි 20 ක් ද ඇත.සමහර බල්ලන්ට ඇත්තේ ඇඟිලි 18 ක් හෝ 19කි. අපේ බල්ලා අනිත් බල්ලන්ට සපා කනවා. ටාසන් අප සමග වැවට නාන්නට යන්නේය. ටාසන් වැඩියෙන්ම ආදරේ මටය. අරේ ඌ අපේ ගෙදර ආරක්ෂකයාය. සමහරදාට ඌ මාත් එක්ක පාසල ළඟට එන්නේය. ටාසන් මාත් සමග හවසට සෙල්ලම් කරයි. අපිට ටාසන් දුන්නේ කුමාර මාමාය. කුමාර මාමා ළඟ තව ටාසන් කෙනෙක් ඉන්නවා.

පොඩි බිඟුවා
4 වසර

තොග වශයෙන් ලිපි ලියන්නන් ඕනෑ කර තිබේ

හනික ලියන්න බිඟුලන්තයට.

වචන 3000ක් තමා මගේ ඉලක්කය


වචන 3000ක් තමා මගේ ඉලක්කය. ඒකෙත් වැඩියෙන් ලියන්න ඕනෑ නිසැඳැස් වෙන්නත් ඕනෑ.. මොකද මේක බිඟු නාදයයි සයිබරය පුරාවට නැගෙන. ඒ හින්දා පුලුවන් තරම කවි ලියන්න ට්‍රයි එකක් දුන්නා. සෑහෙන්න සාර්ථකයි වගේ... තව 150ක් විතර ලිව්වානම් මම ගොඩ වගේ... බලමු බලමු... පත්තර වගේ ලිපි ලියන්න අදහසක් තිබ්බේ නෑ. ඒ මොක උනත් මේක මට වතුර සප් එක උනු දුන්නු ඔක්කෝමලට ස්තුති කරන්නත් අවස්තාවක් කර ගන්නවා... එහෙම කිවා කියලා යන්න එපා දැම්ම... තව එලි වෙන්න වෙලා තියෙනවා....
හික්ස්...

මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා-II

දැන් මොකවත් කියන්නත් බෑ. අහන්නත් බෑ. මොකද හොඳ විශ්වාස අය හින්දා. අපි අයෙත් අහුවා අර අක්කගෙන්. එයා කිව්ව නෑ කියලා. ඒත් මගේ හිතනම් කිව්වේම එයා වැරදිලා ගෙනියන්න ඇති කියලාමයි. ඒ අක්කා වැඩ කරන්නේ අපේ නංගිත් එක්ක. ඔන්න දැන් අපි ගේ පීරලා ඩොන්ගල් එක හොයන්න ගත්තා. මොන... ඔහේ කොහේවත් නෑ..
අපි වැඩේ අල්ලලා දැම්මා. පස්සේ අපේ නංගී ආවා වැඩ ඉවර වෙලා. අපි නංගිටත් කිව්ව අර කොල්ලා ඩොන්ගල් එකට ගේම් එක දුන්නා කියලා. නංගී එච්චර ගණන් ගත්තේ නෑ. ඔහේ කොහේ හරි ඇති කියලා කිව්වා. මට ඒක ඇල්ලුවෙ නෑ. පස්සේ නංගී කිව්ව මේ තියෙන්නේ ඒක කියලා ගෙනත් දුන්නා.

වෙලා තියෙන දේ පැහැදිලියිනේ.

අර අක්කව්ට බැරි වෙලා පෙන් එක කියලා මේක ගෙනිහිල්ල. නංගිට කියලා ඒ ආයෙත් ගිහින් තියන්න කියලා.  නංගිත් ඒක අපිට කොලේ වහලා ගෙනාවා. අපි මෙහේ නිරපරාදේ අහිංසකයෙක් සැක කලා.

ඉතින් කවුද දැන් වැරදි.???

මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා

මේක සිද්ධවුනේ හරියටම පරණ අවුරුද්දට දවසකට කලියෙන්. ඊට කලින් දා අපි දෙන්නා කියන්නේ මමයි රැජිණයි ගියා අපේ ගෙදර. මීට කලියෙන් හිටියේ අපි රැජිණගේ ගෙදරනේ. ඉතින් ඔන්න අපි දෙන්නා යන වෙලාවේ එයාලගේ අක්කා කෙනෙකුත් නිවාඩුවට ඇවිල්ලා ඉඳලා අපිත් එක්කම යන්න ගියා. කලින්දා රෑ ඒ අක්කා අපිත් එක්ක මූණු පොත ගැන විස්තර කිය කියා ඉඳලා එයාගේ පිංතූර වගයක් "පෙන්" එකට දා ගත්තා. පහුවදා කට්ටියම යන්න පිටත් උනා. ඉතින් ආපහු අපි දවස් දෙකකට පස්සේ ආපහු ඇවින් බලනකොට අපේ ඩොන්ගල් එක නෑ. හුටා... මල කෙලි 100යි.
දැන් මොකද කරන්නේ...

ඉතින් අපි අර අක්කාගෙන් ඇහුවා ඔයා පෙන් එක කියලා හිතාගෙන ඩොන්ගල් එක ගෙනිච්චද කියලා. එයා නෑ කිව්වා. ඉතින් අපි අම්මගෙන් ඇහුවා වෙන කවුද ආවේ කියලා. වෙන එක පවුලක් ඇවිදින් ගිහින් තියෙනවා. අම්මගේ යාළුවෙක්ගෙ පවුලක්. අවුරුදු 20 විතර කොල්ලෙකුත් ඉඳලා තියෙනවා. ඉතින් අපි හිතුවා ඌ තමා එහෙනම් බුවා කියලා.