Sunday, April 25, 2010

කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා



කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා
ඒ සිතිවිලි පත් ඉරුවල බොඳ වෙනවා
පත් ඉරු තුරුළු කරගෙන දැන් එනවා
මේවා මොටද මං ආපහු යනවා

පත් ඉරු බොඳ උනේ තීන්ත පොදින්ද
නැත්නම් එය උනේ සිතිවිලි වලින්ද
එය මොක උනත් හදවත ඔබේ හොඳින්ද
නැත්නම් මගේ හදවත දැන් එවම්ද

ඔබේ සිතත් මේ ලෙස බොඳ වේද
එවන් මෝඩ පැණයක් කෙලෙසක අසම්ද
අසනට සිටියේ සිත ගැන නොව  ගත ගැන නොවෙද
එහෙනම් ඔබේ සිත නොව ගත හොඳින්ද


5 comments:

  1. ගත අඩපණ උනත් තව ටිකයි...

    ReplyDelete
  2. ඔය තියෙන්නේ.......

    ReplyDelete
  3. ඒවා තියාගන්න ලබනපාරට

    ReplyDelete
  4. කවිත් ලියල නේද? දැන් අහන්න ඕනි ඔයා හොඳින් කියල ...........

    ReplyDelete
  5. ගත නිඳුකින්, ලෙඩින් සිත, මෙහි බෝ කල්ය
    මතකෙට නුඹයි මදකට හෝ සැනසිල්ල
    චිතකෙට එවන් අවුලන්නද ගිනිදැල්ල
    මතකය මතක නම් කොහිවෙද බොඳවිල්ල

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...