Tuesday, May 25, 2010

ආවේ නම් 10ට ගනින්න බැරි විදියට

මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.

ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියලා. මම කිව්වා ඒක නම් බෑ. අඩුම ගානේ 6 ටවත් දාන්න කියලා. ඔහොම කොහොම හරි මම 6 ට ගියා. මම ඇත්තම කියන්නම්, මට ඒ පොත හරිම ලේසියි. කරන්න කියලා දෙයක් නෑ. මම පන්සල ගියේ ඉරිදා උදේට සෙල්ලම කරන්න තියෙන ආසාවට මිසක් ඉගෙන ගන්න නෙමෙයි.

දවසක් අපි මොකක් හරි ලොකු බුලක් කෙලලා හමුහුරුවන්ට මල පැන්නා. අපිව ගෙන්නලා දෙහි කපන්න ගත්තා. පස්සේ ඇහුවා කවුද පටන් ගත්තේ කියලා. මම වීරයානේ. එක පාරම "මම" කියලා කිව්වා.
දැන් ආයෙත් හාමුදුරුවන්ට මල.

"මේකා පන්සලට ආවේ නිකන් 10ට ගනිනන් බෑ වාගේ.. ඒක ට දැන්..."

මේක කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික පුරවලා දැම්මා මෙහෙම.

"11ට පුළුවන්..."

එතන හිටිය සමහර ගුරුවරුන්ට නම් හිනාත් ගියා. සමහරු නම් කිව්වා තියෙන පණ්ඩිතකම කියලත්. කොහොම උනත් ඒක හෙන ගොන් වැඩක් කියලා නම් මට දැන් තේරෙනව. ඒ කාලේ මගේ වීරකම කියලා මම හිතාගෙන හිටියා. ඔන්න ඔයවගේ වීර කමක් කොරන්න ගිහින් ඉස්කෝලෙන්නම් එකසිය ගානක කාලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් ඒකත් අකුරු කරන්නම්කෝ...

No comments:

Post a Comment

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...