Sunday, April 25, 2010

ගිනි ගින්දර


හරි ඔන්න නිල වශයෙන් මම නැවතුනා...

අවසාන මිනිත්තු කිහිපය ඔබ වෙනුවෙන්...

කියන්න තියෙන්නේ පට්ටම කියලා...
මේ ගැන පසු වදනක් වෙනම ම ලියන්න හිතාගෙන ඉන්නවා.
ඔන්න නම් වශයෙන් කියන්නේ නෑ මම...
ඔක්කෝලටම ස්තුතිවන්ත වෙනවා හැමදේටම.... (පසුව ලියමි )

එලම එල


ගිනි ගින්දර

අවසාන මිනිත්තු 15 නේද...


අවසාන මිනිත්තු 15 නේද...
මල කෙලියයි...
අරූ මාව ඉස්සර කලා නේද...
ජෙමාගේ හරකා පස්සේ අඹන එකේ මේකා මහ කජ්ජාක්ද?
හිටු ඔහොම දෙන්න බැටේ....

කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා



කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා
ඒ සිතිවිලි පත් ඉරුවල බොඳ වෙනවා
පත් ඉරු තුරුළු කරගෙන දැන් එනවා
මේවා මොටද මං ආපහු යනවා

පත් ඉරු බොඳ උනේ තීන්ත පොදින්ද
නැත්නම් එය උනේ සිතිවිලි වලින්ද
එය මොක උනත් හදවත ඔබේ හොඳින්ද
නැත්නම් මගේ හදවත දැන් එවම්ද

ඔබේ සිතත් මේ ලෙස බොඳ වේද
එවන් මෝඩ පැණයක් කෙලෙසක අසම්ද
අසනට සිටියේ සිත ගැන නොව  ගත ගැන නොවෙද
එහෙනම් ඔබේ සිත නොව ගත හොඳින්ද


ගාන්නේ කොල්ලෝ ගාන සබන්...


වත් ඒ අස්සේ මාව නාවලා දුවවන්න හදනවා..
එහෙම බෑ... සබන් එපා...
වමනෙට එන්න පුලුවන්නේ...
අනිම මම් ලක්ස් ගාන්නේ නෑ...

අපි කොල්ලොනේ...
ගාන්නේ කොල්ලෝ ගාන සබන්...

ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...


මෙන්න ඔය අස්සේ මගේ වචන ගනන 4000ත් පැන්නා... මරු මරු...
මම හිතාගෙන හිටියේ 300ක් ලියන්න... ඒත් කොහෙද මේ වතුර ගැහිල්ල එක්ක බෑනේ...
දුවන්නමයි හිත.... ඔය ඔය...
ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...

එහෙනම් ආයෙත් දිව්වා

මම දැන් ඉන්නේ ඉතාමත් වේගයෙන් දුවන මන්තීරුවක... වේගය බොහොම අදිකයි... වැරදිලා ඉර කපාගෙන ඩුවන්න ඉඩ තියෙනවා.. එහෙම කලා කියලා මාව අයින් කොරනවා නෙමෙයි ඔන්න... එහෙනම් ආයෙත් දිව්වා

යන්න එපා කොහෙවත් ඔන්න....


මේ යන්නේ අන්තිම හරිය, ඉතින් අකුරු පැටලිලා ඇති ඕනෑ තරම්...
ඔන්න ඉතින් ඒවා හදාගෙන කියවනවානම් අගෙයිකියලා මම මතක් කරලා දෙන්නම්කෝ...
ඔන්න එහෙනම් තව පැය 1/2 ක් වත් නෑ මේක අහවර වෙන්න....

යන්න එපා කොහෙවත් ඔන්න....