Tuesday, May 25, 2010

ආවේ නම් 10ට ගනින්න බැරි විදියට

මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.

ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියලා. මම කිව්වා ඒක නම් බෑ. අඩුම ගානේ 6 ටවත් දාන්න කියලා. ඔහොම කොහොම හරි මම 6 ට ගියා. මම ඇත්තම කියන්නම්, මට ඒ පොත හරිම ලේසියි. කරන්න කියලා දෙයක් නෑ. මම පන්සල ගියේ ඉරිදා උදේට සෙල්ලම කරන්න තියෙන ආසාවට මිසක් ඉගෙන ගන්න නෙමෙයි.

දවසක් අපි මොකක් හරි ලොකු බුලක් කෙලලා හමුහුරුවන්ට මල පැන්නා. අපිව ගෙන්නලා දෙහි කපන්න ගත්තා. පස්සේ ඇහුවා කවුද පටන් ගත්තේ කියලා. මම වීරයානේ. එක පාරම "මම" කියලා කිව්වා.
දැන් ආයෙත් හාමුදුරුවන්ට මල.

"මේකා පන්සලට ආවේ නිකන් 10ට ගනිනන් බෑ වාගේ.. ඒක ට දැන්..."

මේක කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික පුරවලා දැම්මා මෙහෙම.

"11ට පුළුවන්..."

එතන හිටිය සමහර ගුරුවරුන්ට නම් හිනාත් ගියා. සමහරු නම් කිව්වා තියෙන පණ්ඩිතකම කියලත්. කොහොම උනත් ඒක හෙන ගොන් වැඩක් කියලා නම් මට දැන් තේරෙනව. ඒ කාලේ මගේ වීරකම කියලා මම හිතාගෙන හිටියා. ඔන්න ඔයවගේ වීර කමක් කොරන්න ගිහින් ඉස්කෝලෙන්නම් එකසිය ගානක කාලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් ඒකත් අකුරු කරන්නම්කෝ...

ජීවිතේට රිවස්

ජීවිතේට රිවස්  එකක් නෑ යනුවෙන් බොහෝ දෙනා පැවසුවද රිවස් එකක් ඇති බව යම් අවස්ථාවකදී මට සිතෙන්නේට විය. එය කෙසේඩැයි කියා දැන් හරියටම මට මතක නැට. නමුත් එය තාර්කිකව පිළිගත හැකි මට්ටමට මට උදාහරණ ඒ මොහොතේ සිහි වන්නට විය. එය සිහි වූ කල්හි නැවට ලියමි. ඒසේ ලියන්නට මෙය කටු සටහනක් ලෙස ලියා තබමි.

හරියට නිකන් අලුතෙන් පටන් ගත්ත බ්ලොග් එකක් වගේ...

කිරි ඉතිරවීම හා පත්තිනි කතාන්දරය

මෙය ජනප්‍රවාදයේ එන කතාවකි.


පත්තිනි දේවිය හා පාළඟ කුමරු යන දෙදෙනා එකල බොහෝ ආදරයෙන් ජීවත් වූ දෙදෙනෙකි. එකල රජකම් කල පඬි රජ විසින් සළඹක් සොරා ගත්තායැයි කියමින් පාළඟ කුමරු මරා දමනු ලැබීය. මේ වියෝවෙන් වියරු වැටුනු පත්තිනි දේවිය ගෝපුර පිහිටි රජ මාලිගාව ඉදිරියේ සිට රජුන්ට පළි ගසන්නට විය. මෙයින් උදහස් වුනු රජ "තීට තොගේ තන කවමි" යැයි කියමින් තර්ජනය කරන්නට විය. සිහි විකල්ව සිටි පත්තිනි දේවිය තම වම් තනය කඩා රජුටත් රටටත් ශාප කරන්නට විය. මේ ශාපය හමුවේ මුළු මාලිගාවම ගිනි ගෙන දැවෙන්නට විය. රටටද ගින්න පැතිරුනයෙන් එරට වැසියෝ එක්ව දෙනුන්ගෙන් කිරි දොවා හිරු දෙවියන්ගේ නාමට කිරි ඉතිරිවීය. හිරි දෙවියන් ඉතා බලවත් වූයෙන් එම ගින්නෙන් මදුරා පුරය බේරාගත් බව ජනප්‍රවාදයේ කියැවේ. මෙලෙස හිරු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම ආරම්භ වූවායයි ජනප්‍රවාදයේ සඳහන් වේ.


කෙසේ නමුත් මහා ව්‍යසනකින් ආරක්ෂාවීමට මේ කිරි ඉතිරවීම කරන්නට ඇත. අදටත් මිනිස්සු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම යම් යම් ව්‍යසන හමුවේදී කිදු කරන බව ප්‍රකට කරුණකි.

පිංතූරය