Showing posts with label යන එන ගමන්. Show all posts
Showing posts with label යන එන ගමන්. Show all posts

Saturday, April 24, 2010

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - III

සියළුම යතුරු පැදි සඳහා බලපත්‍ර ලබා දිය යුතුද?

මේ මදුරු වසංගතය (49CC) කෙසේ හෝ පාලනය කළ යුතුද?

එවිට පාසල් ළමුන් සඳහා කුමක් කරමුද?

පාරේ කිසිම විනයක් නැතුව පදවන්නේ මේ මදුරුවෝ විතරද?

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - II

ඔහු කලේ වහාම රථයා වමට දැමීමය. එය වැදුනේ මගේ දුම් කවුලුවේය. මට මගේ සමබරතාවය ගිලිහී රෝද දෙක බිම ඇද වැටුනේය. සිදු වු දෙය පැහැදිළිය්. මගේ වාසනාවට පිටුපසින් ආ මෝටර් රථය වහා නැවතුනි. මා හනිකට මගේ රෝද දෙක කෙලින් කරගෙන බැලීමි. එහිදී මගේ රත් වූ දුම් කවුළුවේ මගේ දකුණු කකුල ගෑවිණ. මට තරු 100000... විතර දිස්වන්නට විය. හටගත් කෝපයත් සමග මම ආපසු බැලීමි. මදුරුවා පදවමින් සිටියේ අවුරුදු 15 කටත් අඩු කොලු ගැටයෙකි. මදුරුවන් පැදවීමට බලපත්‍ර අවශ්‍ය නොවන බැව් අප කවුරුත් දන්නා කරුණකි. ඔහු තක්බීර් වී සිටගෙන සිටී. මට වේදනාව ඉතා මහත්ය. අර කොල්ලාට කනේ පාරක් ගැසීමට තරම්ය. ඒ පාර මගේ තුවාලය හොඳ කරන්නේ නැත. එම නිසාම නොව මම රෝද දෙක පණ ගන්වා නැවත පැද ගියෙමි. යන අතරේ පිලිස්සුම්වලට බෙහෙත් දමා ගත්තෙමි. තවම ඒ තුවාලය වේදනා දෙමින් අර කොල්ලාව සිහි ගන්වන්නේය.

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - I

මම පහු ගිය දවසක රැකියාව අවසන් කරලා ගෙදර එමින් සිටියෙමි. හරියටම පිළියන්දල නගර මාධ්‍යයේදී සීබ්‍රා ඉරි අසල මම නවතාගෙන සිටියෙමි. මට ඉදිරියෙන් එක් යතුරු පැදියක්ද පසුපසින් තව එකක්ද වම් පැත්තට වන්නට කුඩ වර්ගයේ මෝටර් රථයක්ද විය. දැන් පදියකයින් කහ ඉරි මතින් යන බැවින් අප ඔවුනට ඉඩ දී නවතා සිටින්නට විය. එක් වරම පසු පසින් ආ මදුරු වර්ගයේ (49 CC) යතුරු පැදියක් ඉතා වේගයෙන් පියඹනු ඇසිණ. ඒ සමගම පදිකයින් පාර පැන ඉවර නිසා අපිද ඉදිරියට යෑම ආරම්භ කෙළෙමු. අපිට විරුද්ධ දිශාවෙන් ආ වාහනද ඉදිරියට ඇදෙන්නට විය. එම නිසා අර මදුරුවාට නවතා තිබූ පෝලිමේ ඉස්සරහට යාමට නොකැකි විය. එසේම ඔහුට තිරිංග යෙදීමද කල නොහැකි විය.